අප ගැන
දැක්ම
සේවක සුරක්ෂිතභාවයෙන් යුත් ඵලදායී සමුපකාර සේවාවක්.
මෙහෙවර
ඌව පළාතේ සියලුම සමුපකාර සමිතිවල සේවක සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා නියමිත නෛතික විධිවිධානයන්ට අනුකූලව කටයුතු කරමින් සේවක තෘප්තිමත්භාවය ඇති කිරීමෙන් ඌව පළාතේ සමුපකාර ව්‍යාපාරය ශක්තිමත් කිරීම
හැඳින්වීම
ඌව පළාත තුළ වෙසෙන ජනතාවට සාධරණ සහ යුක්ති සහගත සමුපකාර සේවාවක් ලබා දීම ඌව පළාත් සභාවේ වගකීම බැවින් ,සේවක සුරක්ෂිතභාවයෙන් යුත් ඵලදායී සමුපකාර සේවාවක් යන දැක්මෙන් යුක්තව සමුපකාර සේවාව සඳහා ගුණාත්මක බවින් ඉහළ මානව සම්පතක් බිහි කිරීමේ අරමුණින්, 2011.01.20 දිනැති අංක 1689/14 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශිත 2010 අංක 04 දරන ඌව පළාතේ සමුපකාර සේවක කොමිෂන් සභා ප්‍රඥප්තිය හා 2016.07.21 දිනැති අංක 1976/22 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශිත 2016 අංක 01 දරන ඌව පළාතේ සමුපකාර සේවක කොමිෂන් සභා (සංශෝධිත) ප්‍රඥප්තිය යටතේ ඌව පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාව පිහිටුවා ඇති අතර සමුපකාර ව්‍යාපාරයේ නියැලී සිටින සේවකයින්ගේ පත් කිරීම් හා උසස් කිරීම් සිදු කිරීමේ විධිවිධාන නියම කිරීම, සේවකයන් බඳවා ගැනීම සඳහා විභාග පැවැත්වීම, සමුපකාර සමිතියක ඕනෑම තනතුරකට පත් කිරීමට තිබිය යුතු සුදුසුකම් නියම කිරීම, වැටුප් ක්‍රම නියම කිරීම හා කලින් කලට නියම කළ වැටුප් ක්‍රම සංශෝධනය කිරීම, සේවකයන් පිළබඳ විනයානුකූල කටයුතු කිරීම පිණිස වන විධිවිධාන නියම කිරීම, විනයානුකූල කටයුතු කිරීමේදී පැන නගින අභියාචනා විභාග කිරීම ආදී නෛතික ක්‍රියා ඉටු කරමින් ඌව පළාත තුළ කාර්යක්ෂම, ඵලදායී හා විශ්වාසනීය වූ යහපත් සමුපකාර ව්‍යාපාරයක් පවත්වාගෙන යාම හා සමුපකාර ක්ෂේත්‍රයේ සේවකයින්ගේ සේවා කොන්දේසි විධිමත් කිරීම, එම කොන්දේසි නියමිත පරිදි ක්‍රියාත්මක වන්නේ දැයි පසු විපරම් කිරීම, සමුපකාර සුභසාධනය හා සේවක කළමනාකරණය මඟින් කැපවීම හා කාර්යක්ෂමතාවය හා කාර්යසාධන ගුණාත්මකභාවය වර්ධනය කිරීමෙන් ඌව පළාතේ ජනතාවගේ සමාජ ආර්ථික සංවර්ධනය ඉහළ නැංවීමටත් ඌව පළාත් සභාව කටයුතු කර ඇත.
ඌව පළාතේ ජීවත් වන ජනතාවට සමුපකාර ව්‍යාපාරයෙන් ලබාගත හැකි ප්‍රතිලාභ උපරිම ලෙස ලබා දීමටත් පළාතේ ජනතාවගේ සමාජ ආර්ථික සංවර්ධනය ඉහළ නැංවීමට ශක්තියක් වෙමින් සමුපකාර ව්‍යාපාරය දියුණු කිරිමටත් අවශ්‍ය ගුණාත්මක මානව සම්පතක් ඇති කිරීමට ඌව පළාත් සභාව කටයුතු කරමින් පවතී.
සමුපකාර සමිති සේවකයින්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම හා ඔවුන්ගේ සේවා තෘප්තිය වැඩි කරමින් සමුපකාර ව්‍යාපාරය ශක්තිමත් කිරීමේ දැක්ම පෙරදැරිව සමුපකාර සේවකයින්ගේ සේවා ගැටළු මෙන්ම එක් එක් සමුපකාර සමිතිවල පවත්නා ශක්තීන්, දුර්වලතා, අවස්තා හා බාධක විශ්ලේෂණය කරමින් එක් එක් සමිති නිවැරදි මාවතකට යොමු කිරීම සඳහා ඔවුන්ගේ සංවිධානමය හා ඔවුන්ගේ සේවා ගැටළු අධ්‍යක්ෂ මණ්ඩල හා සමිතියේ සේවකයන් සහභාගි කරගෙන ක්‍රමවත් විශ්ලේෂණයක් කරමින් කරන ලද වැඩමුළු මඟින් එක් එක් සමිතිවලට මානව සම්පත් සංවර්ධනය සඳහාත් සමුපකාර ව්‍යාපාරය සංවර්ධනය සඳහාත් සැලසුම් සකස් කරමින් එක් එක් සමිති වර්ධනය කිරීම සඳහා කටයුතු කර ඇත.
සමුපකාර සමිති නව තාක්ෂණය භාවිතයට යොමු කිරීම සඳහා වැඩසටහනක් සමිති මට්ටමින් ක්‍රියාත්මක කර සමිතිවල කාර්යාල කටයුතු සඳහා නව තාක්ෂණය භාවිත කළ හැකි ආකාර දැනුවත් කරමින් ඒ සඳහා අවශ්‍ය මූලික පහසුකම් සපයමින් සේවකයන්ට ඒ පිළිබඳ පුහුණුව ලබා දෙමින් වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දිය හැකි සමුපකාර සමිති ජාලයක් ඇති කිරීමට මේ වන විටත් කටයුතු කරමින් පවතී.
සමුපකාර සමිතිවල සේවකයන්ගේ ගැටළු විසදීම සඳහා වැඩසටහනක් ඒ ඒ සමිතිවලට යමින් සේවකයන් සමඟ සාකච්ඡා කරමින් ක්‍රියාත්මක කරන අතර මෙමගින් කොමිෂන් සභාවෙන් ම තීරණ ගත යුතු ගැටළු හැර අනෙකුත් ගැටලුවලට එම අවස්ථාවේ දී ම ක්ෂණික, කාර්යක්ෂම හා ඵලදායී විසඳුම් ලබා දෙමින් සමුපකාර සේවක තෘප්තිමත්භාවය ඉහළ නංවීමට කටයුතු කර ඇත.
සමුපකාර සේවකයින්ගේ ගැටළු විසදීම කාර්යක්ෂම කිරීමත් තෘප්තිමත් සමුපකාර ස්වක පිරිසක් ඇති කිරීමෙන් සමුපකාර ව්‍යාපාරය ශක්තිමත් කිරීමට සහය වීමත් අපේක්ෂා කෙරේ.
ඌව පළාතේ සියලු සමුපකාර සමිතිවල සේවක සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා නියමිත නෛතික විධිවිධානයන්ට අනුකූලව කටයුතු කරමින් සේවක තෘප්තිමත් භාවය ඇති කිරීමෙන් සමුපකාර සේවාව ශක්තිමත් කිරීම සඳහා ඌව පළාත් සභාව අවධානය යොමු කර ඇත.
අරමුණු
- සමුපකාර සමිතිවල සියලු සේවකයින් බඳවා ගැනීම හා උසස් කිරීමට අදාල සේවා කොන්දේසි හා මූලධර්ම ඇතුළත් කාර්ය පටිපාටි නියම කිරීම.
- සමුපකාර සේවකයින් බඳවා ගැනීමට අදාල විභාග පැවැත්වීම.
- තනතුරුවලට අදාල වැටුප් ක්‍රම නියම කිරීම, කලින් කලට එසේ නියම කල වැටුප් ක්‍රම සංශෝධනය කිරීම.
- සමුපකාර සමිති විසින් සිය සේවකයන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කිරීමේදී අනුගමනය කළ යුතු කාර්ය පටිපාටි නිශ්චය කිරීම.
- ඕනෑම සමුපකාර සිමිතියක් විසින් ගනු ලබන විනයානුකූල නියමයන් හේතුකොට ගෙන පැන නගින අභියාචනා විභාග කිරීම.
- කොමිෂන් සභාව වෙත යොමු කරනු ලබන අභියාචනා සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ පවත්වා නිර්දේශ සහිතව කොමිෂන් සභාව වෙත වාර්තා කිරීමට අභියාචනා පරීක්ෂණ නිලධාරි හෝ නිලධාරි මණ්ඩලය පත් කිරීම.
- ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීමේදී යම් සමුපකාර සමිතියක් හෝ යම් පන්තියක සමුපකාර සමිති නිදහස් කිරීම සම්බන්ධයෙන් කොමසාරිස්වරයා විමසා අමාත්‍යවරයාට උපදෙස් දීම.
- පළාත් සභාවේ අනුමැතිය ලබා ගැනීමෙන් පසු ඇමතිවරයා විසින් පනවනු ලැබූ ගැසට් පත්‍රයෙහි පලකරනු ලබන ආඥාවකින් කොමිෂන් සභාව වෙත පවරනු ලැබිය හැකි සමුපකාර සමිතිවල හා ඒවායේ සේවකයින්ට අදාල වෙනත් බලතල ක්‍රියාවෙහි යෙදවීම.